වසර අටකට පසුව සිනමාවට එන ජෝතිකා
සිනමා පවුලකින් පැවත එන ජනප්‍රිය කොලිවුඩ් සිනමා නිළි ජෝතිකා වසර අටකින් පසුව නැවතත් කොලිවුඩ් සිනමාව තුළ දැක ගැනීමට අවස්ථාව ලැබී තිබෙන බව සඳහන් වේ. ජනප්‍රිය සිනමා නිළි නග්මාගේ නැගණිය වන ජෝතිකා ජනප්‍රිය දමිළ සිනමා නළු හා චිත්‍රපට නිෂ්පාදක සූර්යාගේ බිරිඳ වේ. ජෝතිකා අවසන් වරට චිත්‍රපටයකට රංගනයෙන් දායක වි තිබුණේ 2009 වසරේදී ය. ඒ ‘සීතා කල්‍යානම්’ නම් මලයාලම් චිත්‍රපටයටයි. පළමු දරුවා ලැබීමත් සමග රංගනයෙන් ඈත්වූ ජෝතිකා මේ වනවිට දෙදරු මවක ද වෙයි.
ජෝතිකා මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වන්නේ සිය සැමියා විසින් නිෂ්පාදනය කළ ‘Magalir Mattum’ හා බාලා විසින් අධ්‍යක්ෂණය කළ ‘Naachiyaar’ චිත්‍රපටයි. එමෙන්ම ජනප්‍රිය දමිළ සිනමා අධ්‍යක්ෂ මනිරත්නම්ගේ අලුත්ම චිත්‍රපටයේද ඇයට ප්‍රධාන චරිතය හිමිව තිබෙන අතර, ඇය සමගින් සිම්බුද මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වී සිටියි.