වසර 23ක් සැමරූ බොලිවුඩ් චිත්‍රපටය
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් වන ‘දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ’ චිත්‍රපටය තිරගත වී අවුරුදු 23ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උළෙලක් පසුගියදා පවත්වා තිබේ. මෙම උත්සවය සඳහා එහි ප්‍රධාන චරිතයට දායක වූ ෂාරුක් ඛාන් සහ කාජල්ද සහභාගි වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. 1995 වසරේදී තිරගත වූ මෙම චිත්‍රපටය ඉපැයූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 100කට අධික බව පැවසේ. මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන්නේ ආදිත්‍ය චොප්රාය.