වසර 19කට පසුව සිනමා තිරයේ දකින පෙම්වතුන්..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200824-10

කාලයක් විවාහ වී සිටි බ්‍රැට් ප්‍රිට් හා ජෙනිෆර් ඇනිස්ටන් දෙදෙනා නැවතත් සිනමා නිර්මාණයක් හරහා සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි. 1982 වසරේ ප්‍රදර්ශනය වූ ‘ෆාස්ට් ටයිම්ස් ඇට් රිජ්මොන්ට් හයි’ චිත්‍රපටයෙන් පසුව ඔවුන් දෙදෙනා නැවතත් මෙසේ සිනමා නිර්මාණයක් හරහා රංගනයට එක්වීම සිනමාලෝලින්ට පුදුමය දනවන්නකි.

කෙසේ වෙතත්, තවමත් මෙම චිත්‍රපටයට නමක් යෝජනා වී නොමැති අතර, ජෙනිෆර් හා බ්‍රැට්ට අමතරව මෝර්ගන් ෆ්‍රීමන්, ෂියා ලා බියුෆ්, මැතිව් මැකෝනාගී සහ ජූලියා රොබට්ස්ද මෙහා රංගනයෙන් දායක වන බව පමණක් තහවුරු කර ඇත. පසුගිය දිනවල බ්‍රැට් හා ජෙනිෆර් නැවතත් විවාහ වන බවටද තොරතුරු වාර්තා වූ නමුදු, තවමත් ඔවුන් දෙදෙනාගේ විවාහ සිදුවී නොමැති බවද වාර්තා වේ.