වසර 18ක දිගය අවසන්
වසර 18ක් තිස්සේ ප්‍රිතිමත් යුග දිවියක් ගත කළ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වු මලෙයිකා ආරෝරා හා අර්බාස් ඛාන් පසුගිය සති අන්තයේදී සිය යුගදිවියට තිත තැබීය. පසුගිය මාස කිහිපයක් තිස්සේ ඔවුන් සිය දික්කසාදය වෙනුවෙන් මුම්බායි අධිකරණය තුළ නිතර පෙනි සිටි අතර, ඔවුන්ට සිය දික්කසාදය පසුගිය සති අන්තයේදී ලැබුණ බව සඳහන් වේ.
මේ වනවිට ආර්බාස් සිය සොහොයුරු සල්මාන්ගේ මුම්බායි නිවසේ රැඳි සිටින අතර, මලෙයිකා ආර්බාස් හා ඇය පදිංචිව සිටි දකුණු මුම්බායිහි නිවසේ රැඳි සිටින බව සඳහන් වේ. ආර්බාස් සිය දික්කසාදය වෙනුවෙන් මලෙයිකාට ඉහළ වන්දියක්ද ගෙවු බව සඳහන්වේ. කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපයේදීම ඇය සල්මාන්ගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණ උත්සව මෙන්ම විනෝද චාරික සඳහාද නිතරම එක්වනු දක්නට ලැබුණි.