වසර 17කට පසුව පෙම්වතුන් වන තරු දෙපළ
බොලිවුඩය තුළ නවතම ක්‍රමයක් ලෙස පැරැණි තරු ප්‍රේමවන්තයන් ලෙස රඟ පෑ නිර්මාණ නැවත බිහිකිරීමට කටයුතු කරයි. මේ අනුව එහි නවතම අත්දැකීම ලොව පුරා විසිරී සිටින බොලිවුඩ් රසිකයන්ට ලබන වසරේ දී විඳගැනීමට හැකිවන බව ඔවුහු පවසති. එහි ප්‍රථම චිත්‍රපටයට දශක ගණනාවක් බොලිවුඩ් හි රසික හදවත් දිනූ සුරූපී මධුරි ඩික්සිත් සහ අනිල් කපූර් පෙම්වතුන් ලෙස ප්‍රධාන චරිතවලට පණ පෙවීමට නියමිතය. එය නම්කර ඇත්තේ "ටෝටල් ධමාල්" ලෙසිනි. මොවුන් දෙදෙනා මෙවර පෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙන්නේ වසර 17කට පසුව බව වාර්තා වෙයි. චිත්‍රපටයේ රූගත කිරීම් ලබන දෙසැම්බර් මාසයේ දී ආරම්භ වන බව සඳහන් වෙයි.