වසර 15කට පස්සේ සිනමාවේ දකින බ්‍ර්ට්නි ස්ප්‍රියස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-08-ent-117

2000 වසරේ ලොව ජනප්‍රියතම පොප් ගියාකව ලෙස කවුරුත් හඳුන්වනු ලැබු බ්‍රිට්නි ස්ප්‍රියර්ස් පසුගිය කාලයේ වඩාත් කතා බහට ලක්වූයේ අඩුවෙනි. ඇය අවසන් වරට ඇයගේම ගීත ඇල්බමයක් එළිදක්වා තිබුණේද මීට වසර 08කට පෙරය. ඒවාද විශාල ලෙස අලෙවි නොවු එකක් විය. කෙසේ වෙතත් ඇය 2016 වසරේදී ‘ස්ලැම්බර් පාර්ටි’ ලෙස ගීතයක් නිර්මාණය කළ අත, එය යම් ශ්‍රාවකයන් පිරිසක් අතර ජනප්‍රිය විය. මේ වනවිට බ්‍රිට්නි සම්බන්ධව කතාබහක් ඇති තිබෙන්නේ ඇය වසර 15කට පසුව හොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට එක්ව තිබිමිය. ඒ මේ වසරේ තිරගත වීමට නියමිත Corporate Animals චිත්‍රපටයයි. මෙහි ඇය උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අතර, ඩොමි මුවර් හා එඩ් හිල්ම්ස් මෙහි රංගනයෙන් දායක වෙයි.