වසර 13කට පසු දෙවැන්නක් නිර්මාණය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-11-24-ent-25

ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් ලෙස 2004 දී එළිදැක්වූ ‘The Incredibles’ දෙවැන්නක් 2018 වසරේදී එළිදැක්වීමට නියමිතය. වසර 13කට පසුව නිර්මාණය වන මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට එක් කරනු ලැබීය. 2004 වසරේ දී විශාල ආදායමක් ඉපැයූ මෙම චිත්‍රපටය අවසන් වූයේ දෙවැනි කොටසකට මුල තබමිනි. නමුත් එහි දෙවැන්නක් නිෂ්පාදනය නොවුණි. කෙසේ වෙතත් එහි දෙවැන්න නිර්මාණය වීමට මෙපමණ කාලයක් ගත වුවත්, මේ වනවිට ඒ සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. මෙහි දෙවැන්න 2018 ජුනි 15 වැනිදා එළිදැක්වේ.

 

2017-11-24-ent-24