වසර 10කට පසුව අමිර්ට ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170117Salman-1පසුගිය වසර අවසානයේ තිරගත වූ ‘දංගල්’ චිත්‍රපටයේ ‘මන්විර් සිං’ චරිතය හරහා මෙවර ‘ෆිල්ම්‍ ෆෙයාර්’ සම්මාන උලෙළේදී හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට අමීර් ඛාන් සමත් විය. එය ඔහු වසර 10කට පසුව ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළකදී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීම විශේෂත්වයකි.

අමීර් අවසන් වරට ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානයක් දිනාගනු ලැබුවේ 2006 වසරේදීය. ඒ ‘රඟදේ බසන්ති’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසායි.

කෙසේ වෙතත්, අමීර් ඛාන් ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළ සඳහා මෙවරද එක් නොවුණි. එයට හේතුව නම් ඔහු මීට දශක දෙකක කාලයක සිට ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළ වර්ජනය කර තිබීමයි. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 700කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති අමීර්ගේ ‘දංගල්’ චිත්‍රපටය ඉන්දීය චිත්‍රපටයක් විසින් උපයාගත් දෙවැනි ආදායම් උපයා ගැනීමටද එක්ව තිබේ.