වරූන්ට අලුත් සිනමා පෙම්වතියක්
පසුගිය වසරේ සම්මාන රැසක් දිනාගත් ‘පින්ක්‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සෝජිත් සර්කාර් අධ්‍යක්ෂණය කරන සිය නවතම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ‘ඔක්තෝබර්‘ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය ලැබී ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන්ටය. ඔහුගේ සිනමා පෙම්වතිය ලෙස මෙහි නවක නිළියක් වන බොනීටා සන්දු රංගනයේ යෙදේ.
වෘත්තිය මට්ටමේ දක්ෂ මෝස්තර නිරූපිකාවක් වන බොනීටා සිනමා රංගනයට පිවිසෙන්නේ මෙම සෝජිත් සර්කාර්ගේ ‘ඔක්තෝබර්‘ චිත්‍රපටය තුළින් වීම විශේෂත්වයකි. සෝජිත් මොවුන් දෙදෙනාට පෙර සිය ‘ඔක්තෝබර්‘ චිත්‍රපටය සඳහා තෝරා ගෙන තිබුණේ අයේෂ්මන් කූරාණා හා යමී ගෞතම් දෙදෙනාය. ඔවුන් දෙදෙනා කාර්යබහුල වීමත් සමග පසුව සෝජිත්, වරූන් හා නවක නිළි බොනීටා තෝරාගත් බව සඳහන් වේ.