වරූන්ගේ විවාහය ජනවාරි 24 වැනිදාද
ජනප්රිය යොවුන් බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන් හා ඔහුගේ දිගුකාලීනව පෙම්වතිය වූ නටාෂා දලාල් දෙදෙනාගේ විවාහය එළැඹෙන ජනවාරි 24 වැනිදා සිදුවීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. උත්ගතව ඇති වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ධාවන් පවුලේ හා දලාල් පවුලේ සමිපතමයන් පමණක් මෙම විවාහයට එක්වෙන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, වරූන්ගේ මාමා කෙනෙකු වු අනිල් ධාවන් ‘ටයිම්ස් ඉන්දීයා’ පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබුණේ තමන් වරූන්ගේ විවාහය ජනවාරි 24 වැනිදා බව දැනගත් මොහොතේදී පුදුම වු බවය. ඔහු පවසන්නේ වරූන්ගේ විවාහයක් පිළිබඳව තමන් මේ වනවිටත් දැනුම්වත් වී නැති බවය.