වරූන්ගේ විවාහයත් කල් යන ලකුණු
අප්‍රේල් මස 24 වැනිදාට යෙදි තිබුණ බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන්ගේ 33 වැනි උපන්දිනයේදී සිය විවාහ ගිවිස ගැනීම සිදුවන බවට පසුගිය කාලයේ මාධ්‍යයට පැවසු ඔහු තම උපන්දිනයේදී ඒ බලාපොරොත්තුව තව දුරටත් කල් යන සිය රසික, රසිකාවියන්ට සිය සමාජ මාධ්‍යය ගිණුම් හරහා මතක් කර ඇත.
ඔහු පවසන්නේ රටේ පමණක් නොව මුළුමහත් ලෝකයම ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන් කම්පාවට පත්ව සිටින මොහොතක සිය විවාහය සිදු කරන්නට නොහැකි බවය. කෙසේ වෙතත්, වරූන් සිය 33 වැනි උපන්දිනය සිය පවුලේ ඥාතින් හා සමිප මිතුරු, මිතුරියන් කිහිප දෙනෙකු සමග මුම්බායි හි තම නිවසේ පවත්වනු ලැබු බව සඳහන් වේ.