වරූන්ගේ ‘කූලී නම්බර් වන්’ 2021ට කල් යයි
ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන් මීළඟ සිය සිනමා ප්‍රේක්ෂකයින් මුණ ගැසෙන ඔහුගේ නවතම චිත්‍රපටය වූ ‘කූලී නම්බර් වන්’ චිත්‍රපටය ලබන වසර දක්වා කල්ගතව ඇතැයි වාර්තා වේ. මෙම චිත්‍රපටය පසුගිය ජුනි මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි.
වරූන්ගේ පියා වූ ඩේවිඩ් ධාවන් සිනමා අධ්‍යක්ෂණයක් වූ ‘කූලී නම්බර් වන්’ චිත්‍රපටයේ වරූන් සමගින් සාරා අලී ඛාන් රංගනයෙන් දායක වෙයි. මෙය ඩේවිඩ් ධාවන් විසින් මීට දශක දෙකකට පෙරදී නිර්මාණය කළ චිත්‍රපටයක අනු නිර්මාණයක් වීම විශේෂත්වයකි.