වරූන්ගේ ඉටි රුව විවෘත වෙයි
ජනප්‍රිය බොලිවුඩ් නළු වරූන් ධාවන්ගේ ඉටි රුව පසුගියදා හොංකෝ හි පිහිටි මැඩම් තුසෙඩ් කෞතුගාරයේදී විවෘත කරනු ලැබීය. ඒ සඳහා වරූන් ධාවන් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂක වරූන්ගේ පියා වූ ඩේවිඩ් ධාවන් හා වරූන්ගේ මවද සහභාගි වි සිටියහ.
මීට පෙර මෙම කෞතුගාරයේ බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන්ගේ ඉටි රූවක්ද නිර්මාණය කර තිබුණි. ලෝ ප්‍රකට ක්‍රීඩකයන් හා නළුනිළියන් රැසකගේ ඉටි රුවවල් මෙහි නිර්මාණය වී ඇතිමුත් බොලිවුඩ් සිනමාව නියෝජනය කරමින් මෙහි නිර්මාණය වී ඇත්තේ අමිතාබ් හා වරූන් දෙදෙනාගේ පමණක් වීම විශේෂත්වයකි.