වරූන් හදිසියේම ලන්ඩන් ගිහින්
තරුණ පරපුර අතර, වඩාත් ජනප්රිය යොවුන් බොලිවුඩ් සිනමා නළුවෙකු ලෙස වරූන් ධාවන හැඳින්විය හැක. පසුගිය කාලයේ ඔහු රංගනයෙන් දායක වූ චිත්රපට බොහෝමයක් අති සාර්ථක වූ අතර, ඒ නිසාම ඔහු පසුගිය කාලයේ නිරතුරුවම කාර්යබහුල විය.
මේ දිනවල වරූන් එංගලන්තයේ ලන්ඩන් නගරයටගොස් සිටින අතර, ඒ සිය පෙම්වතිය වන නටාෂා දලාල් සමගය. වරූන් පවසන්නේ සිනමාවෙන් කෙටි විවේකයක් ලබා ගැනීමේ අරමුණින් තමා සහ තම පෙම්වතිය මෙසේ ලන්ඩනයට පැමිණි බවය. ඔහු මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉදිරියේදී තමා අතිශය කාර්යබහුල වනු ඇති බවය. සැප්තැම්බර් 22 වැනිදා තිරගත වන ‘සුයි දාගා’ චිත්රපටයේ අනුෂ්කා සමගින් වරූන් ප්රධාන චරිත සඳහා රංගනයෙන් ඒවන අතර, ‘නායක්’ හා එනි බෝඩි කැන් ඩාන්ස්’ තුන්වැනි චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු වෙනුවෙන් ඉදිරියේදී වෙහෙස වීමට වරූන්ට සිදුව තිබේ.