වරූන්, සාරා පැරණි චිත්‍රපටයක පෙම්වතුන් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-27-ent-277

ඩේවිඩ් ධාවන් විසින් 1995 වසරේදී නිර්මාණය කළ ‘කුලී නම්බර් වන්’ චිත්‍රපටයේ අනු නිර්මාණයක් ඔහු විසින් නිර්මාණය කරන්නට මේ වනවිට සැලසුම් කර තිබේ. 1996 වසරේ තිරගත වූ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ගෝවින්දා හා කරිෂ්මා කපූර් නිරූපණය කර අතර, එම චරිත සඳහා ඩේවිඩ් ධාවන්ගේ පුත් වරූන් ධාවන් හා සායිෆ් අලී ඛාන්ගේ දියණිය වන සාරා අලී ඛාන්ද තෝරා ගෙන ඇතැයි වාර්තා වේ.

ඩේවිඩ් ධාවන් අවසන් වරට නිර්මාණය කළ ‘ජුඩ්වා’ දෙවැනි චිත්‍රපටයද ඔහුගේම අනු නිර්මාණයක් වූ අතර, එය ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් විය. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටයද එසේ ජනප්‍රිය එකක් වනු ඇති බවය.