වරූන් ධාවන් මාර්තුවේදී විවාහ වෙයි
මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන රෝමේ ඩී සූසාගේ ‘ස්ට්‍රීට් ඩාන්සර්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන යොවුන් බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන් එළැඹෙන මාර්තු මාසයේදී විවාහ වීමට නියමිතය. පසුගිය සති අන්තයේදී මේ බව නිල වශයෙන් ධාවන් පවුල මාධ්‍යය දැනුම්වත් කර තිබුණ බව සඳහන් වේ.
ඔහු අතිනත ගන්නේ වසර කිහිපයක් තිස්සේ සිය පෙම්වතිය සිටි කෝටිපති ව්‍යාපාරික දියණියක් වන නටාෂා දලාල් විසිනි. වරූන් පවුල වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ මෙම විවාහය ඉන්දියාවෙන් පිටත තායිලන්තයේ සුවිශල් මැදුරක පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.