වරුන් ධාවන්ගේ අය කිරීම් ඉහළට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-13-ent-33

මේ වසරේ තිරගත වූ ‘ඔක්තෝබර්’ හා ‘සුයි ඩාගා’ චිත්‍රපටවල රඟපෑ වරුන් ධාවන එළැඹෙන 2019 වසරේදීද කාර්යබහුලව සිටියි. ඔහුගේ චිත්‍රපට කිහිපයක් එම වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිතය. රිමෝ ඩි සුසා අධ්‍යක්ෂණය කරන ‘එනි බොඩි කැන් ඩාන්ස්’ චිත්‍රපටයේ තුන්වැනි චිත්‍රපටයද එම චිත්‍රපට අතර තිබිම විශේෂත්වයකි. මෙහි වරූන් සමගින් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කත්‍රිනා කයිෆ් රංගනයෙන් දායක වේ.

මෙහි රූපගත කිරීම් එළැඹෙන ජනවාරි මාසයේදී සිදු කරන්නට නියමිතව ඇති අතර, වරූන් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමට ඉන්දීය රුපියල් කෝටි 32ක මුදලක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වේ. කත්‍රිනා කෝටි 7ක මුදලක් ඉල්ලා තිබෙන අතර, චිත්‍රපට නිෂ්පාදකවරයා ඊට කැමැත්ත පළ කර තිබෙන බවද මේ වනවිට දැන ගැනීමට ලැබේ.