වරකට එක දෙයක් කරන ෆර්හාන් අක්තාර්
ෆර්හාන් අක්තාර් නම වැඩිපුරම කියැවෙන්නේ චිත්‍රපටි අධ්යක්ෂවරුන් ගැන කතා කරද්දීය. එහෙත් ඔහු අධ්‍යක්ෂවරයෙකු පමණක් නොවේ.
නිෂ්පාදකවරයෙකි. ගායකයෙකි. තිරකතා රචකයෙකි. කොතරම් දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වුවත් ඔහු ර`ග පාද්දී අධ්යක්ෂ යටපත් වී නළුවා ඉස්මතු වෙයි. මේ දිනවල ඔහු ර`ග පාන්නේ ලක්නව් සෙන්ට්‍රල් චිත්රපටියේය.
‘‘මගේ ජාන හැඩ ගැහිිලා තියෙන්නෙ වරකට එක දෙයක් විතරක් කරන්න.. ර`ග පානකොට මම නළුවෙක් විතරමයි.. ඔය දර්ශනය මේ විදියට කරන්න තිබ්බා.. මෙහෙම කළා නම් වැඩිය හො`දයි කියකියා අධ්යක්ෂවරයා කලබල කරන්න මම කවදාවත් උත්සාහ කරන්නෙ නෑ.. ඔහු කරන්න කියන්නෙ මොකක්ද මම ඒක කරනවා..’’ ඔහු කියයි.
1974 උපන් ෆර්හාන් අයත් වන්නේ සිනමා පවුලකටය. ඔහුගේ පියා ජාවෙඞ් අක්තාර් හා මව හනී ඉරානි ජනපි‍්‍රය තිරකතා රචකයන්ය. ඔහුගේ සොයුරිය සෝයා අක්තාර් තිරකතා රචිකාවියක හා චිත්‍රපටි අධ්යක්ෂවරියක ද වන්නීය. ඔහු දස හැවිරිදි වියේ පසු වෙද්දී ඔහු ගේ අම්මාත් තාත්තාත් දික්කසාද වූහ. තාත්තා ඉනික්බිතිව විවාහ කර ගත්තේ ජනපි‍්‍රය නිළියක වූ ෂබානා අස්මිය.
ෆර්හාන් ර`ග පාන්නට පටන් ගත්තේ ඔහුගේ මිතුරෙකුගේ නිර්මාණයක් වු ද ෆකීර් ඉන් වැනිස් චිත්‍රපටියේ ඔහුගේ බල කිරීමටය. ඔහු පළමුවෙන් අධ්‍යක්ෂණය කළේ දිල් චැහැතා හෑ චිත්රපටියේය. එහි කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පිනිය ලෙස කටයුතු කළ අධුනා බාර්බනි සම`ගය. ඔහු ගායකයෙකු ලෙස දොරට වැඩියේ ඔහුගේම නිෂ්පාදනයක්, අධ්‍යක්ෂණයක් සහ තිර කතාවක් වූ රොක් ඕන් චිත්‍රපටියෙනි.
16 වසරක යුග දිවියකින් අනතුරුව 2016 දී ෆර්හාන් දික්කසාද වූයේය. එහෙත් දියණියන් දෙදෙනා වන ශෘක්යා සහ අකිරා ගැන ඔහු බොහෝ සැළකිලිමත් වන්නේය. එහෙත් අනාරක්ෂිතභාවය ගැන බියෙන් දියණීයන් කොටු කර හදනවාට ඔහු තුළ කැමැත්තක් නැත.