ලෝක රූ රැජින ගැන නොදන්න දේවල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-27-ent-09

රූ රැජිනන් බිහි කිරීම පිළිබඳව නම් දරා සිටින රටක් ඇත්නම් ඒ ඉන්දියාවය. මීට පෙරත් රූ රැජිනන් ගණනාවක්ම බිහි කළ ඉන්දියාවට අලූතින්ම එක් වූයේ මනුෂි චිල්ලාර්ය. 2017 ලෝක රූ රැජින ලෙස කිරුළ පැළදි ඇය 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවකි. ඉන්දියාවේ සෝනිපාත් ප‍්‍රදේශයේ 1997 මැයි 14 දා උපත ලද මනුෂිගේ අම්මා සහ තාත්තාත් වෛද්‍යවරුන්ය. ඇගේ උස 5’ 8’’ කි.

ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය ඉනික්බිතිව භාගන් පූල් සිං කාන්තා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූවාය. කාන්තා රෝග පිළිබඳ විශේෂඥවරියක වෙන්නට ඇය බලාපොරොත්තු වන්නීය.

වෛද්‍ය ශිෂ්‍යාවක වුවද මනුෂි දක්ෂ නාට්‍යාංගනාවකි. කවි ලියන්නට, චිත‍්‍ර අදින්නට, ගීත ගායනා කරන්නටද ඇය දස්කම් දක්වන්නීය. ඇවිදීම සහ කිමිදීම ඇගේ විනෝදාංශ අතර තිබේ.

අහසට සීමා තියෙනවා. ඒත් අපේ සිහිනවලට සීමා නෑ’’ අපි කවදාවත් අපි ගැනම සැකෙන් ඉන්න ඕන නෑ’’

මනුෂිගේ ප‍්‍රියතම කියමන එය වන අතර ඇය තදින්ම එය විශ්වාස කරන්නීය. 2017 ෆෙමිනා රූ රැුජින කිරුළද මනුෂි හිමි කර ගත්තාය. ප‍්‍රියංකා චොප්රා ඇගේ ප‍්‍රියතම නිළිය වන අතර ප‍්‍රියතම දේශපාලනඥයා නරේන්ද්‍ර මෝදිය.

 

2017-11-27-ent-12 2017-11-27-ent-11 2017-11-27-ent-10