ලොව බලවත්ම කාන්තාවන් අතරට දීපිකා
වාර්ෂිකව ‘ටයිම්’ සඟරාව ප්‍රකාශයට පත් කරන ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට එක්වීමට බොලිවුඩ් සුපිරි නිළි දිපීකා පදුකෝන්ට හැකිව තිබේ. මෙම සඟරාව ප්‍රකාශයට පත් කරන්නේ වාර්ෂිකව බොලිවුඩයේ ඉහළම ආදායමක් උපයා ගන්නා නිළිය මෙන්ම ආසියාවේ වැඩිම ‘ටිවිටර්’, ‘ඉන්ටර්ග්‍රෑම්’, ‘ෆේස්බුක්’ රසික පිරිසක් සිටින නිළිය දිපීකා නිසාවෙන් ඇය ලොව බලවත්ම කාන්තාවන් අතරට එක්වීමට හේතු වූ බවය.
එමෙන්ම ඉන්දීය රුපියල් කෝටි 600කට ආසන්න මුදලක් මේ වනවිටත් උපයාගෙන ඇති සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඇය විසින් නිරූපණය කිරීමත් දිපීකා මෙම බලවත්ම කාන්තාවන් අතරට එක්වීමට තවත් හේතුවක් වූ බව එම සඟරාව සඳහන් කර ඇත. එමෙන්ම දිපීකා ලොව බලවත්ම වෙළෙඳ ආයතන කිහිපයක තනාපතිනිය ලෙස කටයුතු ද කරයි.