ලොව ධනවත්ම ගායිකාව වූ රිහානා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-861

සුප්‍රසිද්ධ ගායිකාවක් මේ වන විට ධනවත්ම ගායිකාව ලෙස හඳුන්වනු ලබනවා. ඒ ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරන ලොව ධනවතුන්ගේ වාර්තාවට අනුවයි. මෙවර ලොව ධනවත්ම සංගීතවේදිනය බවට පත්ව ඇත්තේ ජනප්‍රිය ගායිකා රිහානා විසිනි. වසර තුනකින් සංගීත ඇල්බමයක් නිකුත් කර නැති නමුත් ව්‍යාපාර කටයුතුවල පිහිටෙන් මේ වනවිට ඇගේ සමස්ත වත්කම ඩොලර් මිලියන 600කි.

රිහානාගේ රූපලාවන්‍ය නිෂ්පාදන සන්නාමය වන Fenty ඊට වැඩි දායකත්වයක් ලබා දී තිබෙනවා. එසේම ඇය මෙවර ඉදිරියට පැමිණියේ පසුගිය වසරවල ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහලින් සිටි බියොන්සේ හා මැඩෝනා පරදවමිනි. 31 හැවිරිදි රිහානා - රොබින් රිහානා ෆෙන්ටි - සිය රූපලාවන්‍ය නිෂ්පාදන සන්නාමය එළිදැක්වූයේ 2017 සැප්තැම්බර් මස දී ය. මේ වනවිට ලොව ධනවත් සංගීතවේදිනියන්ගේ ලැයිස්තුව පරිදි රිහානා ඩොලර් මිලියන 600 ක වත්කමක්ද, මැඩෝනා ඩොලර් මිලියන 560 වත්කමක්ද, සෙලීන් ඩියෝන් ඩොලර් මිලියන 440 ක වත්කමක්ද, බියොන්සේ ඩොලර් මිලියන 400 ක වත්කමක්ද උපයා ඇති බව පැවසේ.