ලොව ධනවත්ම කලාකරුවා Puff Daddy
ඇමෙරිකානු රැප් ගායක ෂෝන් කෝම්බ්ස් යනු ඔහු කුඩා කල ලද නාමයයි. නමුත් අද වන විට ඔහු රැප් ගී ලොව ජයගත් සුපිරි තරුවක් ලෙස බොහෝදෙනා හඳුන්වන්නේ Puff Daddy නොහොත් Diddy යනුවෙනි. ඩිඩි අද සුපිරි ගායකයකු පමණක් නොවෙයි, කෝටිපති ව්‍යාපාරිකයෙකු බවටද පත්ව තිබේ.
ගී ගැයීමෙන්, ව්‍යාපාරික කටයුතුවලින් උපයා ගත් ධනය හේතුවෙන් ඔහු මේ වන විට මුළු ලෝකයේම කලාකරුවන් අතරින් මුල් තැනට පත්ව සිටී. ලෝක ප්‍රකට ‘%ෆෝබ්ස්’ සඟරාව පසුගියදා නිකුත් කළ වාර්තාවකට අනුව ඩිඩි, ගෙවී ගිය මාස 12 තුළදී ලැබූ ආදායම ඩොලර් මිලියන 130ක් බවයි සඳහන් වන්නේ. එයින් ඩොලර් මිලියන 70ක් ඔහු උපයාගෙන ඇත්තේ තමන් සතු ෂෝන් ජෝන් නම් වූ නිමි ඇඳුම් ව්‍යාපාර වලිනි. ෆෝබ්ස් සඟරාව තවදුරටත් සඳහන් කරන්නේ ඩිඩි සතු වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 820ක් වන බවයි.
ධනවත් කලාකරුවන්ගේ ලැයිස්තුවේ පළමු තැන ඩිඩී දිනාගැනීමත් සමග එහි දෙවැනි තැන හිමිකරගෙන ඇත්තේ සුපිරි ගායිකා බියොන්සේය. ඇය පසුගිය මාස 12 තුළදී උපයාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 105ක් ලෙස සඳහන් වේ. එම ලැයිස්තුවේ තුන්වැනි තැන හිමි වී ඇත්තේ හැරී පොටර් කතා මාලාවේ රචිකාව වන ජේ. කේ. රෝලින් හටය. ඇය පසුගිය දොළොස් මස තුළ උපයා ඇති ආදායම ඩොලර් මිලියන 95 බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.