ලොක්ඩවුන් කාලේ පීසීගෙ ආලේ
ප්රියංකා චොප්රා පසු ගිය ලොක් ඩවුන් සමයේදී සැමියා නික් ජෝනාස් සමඟ නිවසේ ගත කළ කාලය පිළිබඳව රූපවාහිනී වැඩ සටහනකදී හෙළිදරව් කළාය. ඔහු බොහෝ පිළිවෙලට වැඩ කරන්නට හුරු වී සිටින අයෙකු බැවින් ඇයටත් ඒ ආකාරයටම හැඩ ගැසෙන්නට සිදුව තිබිණි.
“සපත්තු දෙක ගලවලා ඔහේ තැනතැන දානවා වෙනුවට නියමිත තැනම ඒවා තියන්න මමත් පුරුදු වුණා.. නික් කෑම කන්නෙ කෑම මේසෙ ඉඳගෙන විතරයි.. හුඟක් අය කරනවා වගේ සෝපාවේ වාඩි වෙලා කන්නෙ නෑ... ඒකනම් මම හුඟක් අගය කරන පුරුද්දක්..”
ඇය පැවසුවාය.
පියානෝ වාදනය ඉගෙන ගන්නට උත්සාහ කළ නමුත් අපහසු බැව් දැනුණ බැවින් ප්රියංකා එය අත්හැර දැමුවාය. නික්ටත් පියානෝව වාදනය කරන්නට පුළුවන්කමක් නැත.
ඊ ළඟට ඇය දැකිය හැකි වන්නේ ටෙක්ස්ට් ෆො යූ සහ සිටඩල් චිත්රපටි තුළිනි. කීනු රීව්ස් සමඟ රඟ පාන මාටි්රක්ස් 4 චිත්රපටිය ගැන ප්රශ්න කළ ද ඇය කිසිවක් නොකියා නිහඬ වූවාය.