ලේඩි ගාගාගේ ලෙඩක් ගැන චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-04-ent-248

ජනප්‍රිය ගායිකාවක් වුණත් ලේඩි ගාගා මෑතකදී අන්තර්ජාලයේ වාර්තා වූ චිත්‍රපටයකින් තම රසික පිරිසට සමීප විය. පසුගිය 08 වැනිදා තිරගත වූ එම චිත්‍රපටය නම්කර ඇත්තේ %ගාගා! ෆයිව් ෆූට් ටූ^ යනුවෙනි. ෆිබ්රෝමියැල්ජියා නම් වූ රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙත පණිවුඩයක් ලබාදීමේ අරමුණෙන් ඇය මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කර තිබේ. මේ රෝගයෙන් ඇයද පීඩා විඳිමින් සිටින බැවින් මෙවැනි කාර්යයකට යොමු වී ඇති බවයි සඳහන් වන්නේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඇය මෙහි නිෂ්පාදකවරිය ලෙසද කටයුතු කිරීමයි. ෆිබ්රෝමියැල්ජියා යනු මිනිස් සිරුරෙහි මාංශ පේශීන්වලට වේදනා ගෙන දෙමින් මානසික ආතතිය සහ හිසරදය ඇතිකරන රෝගී තත්ත්වයක් බවයි වෛද්‍යවරු පවසන්නේ. මේ වාර්තා චිත්‍රපටයෙහි ලේඩි ගාගා තම රෝගය සුවකර ගැනීමට වෛද්‍යවරු හමුවන දර්ශනයන්ද ඇතුළත් වී තිබේ. මේ රෝගී තත්ත්වය සමග තමන් පොරබැදූ ආකාරය වාර්තා චිත්‍රපටයෙහි ඇතුළත් වන බව ඇය ටොරොන්ටෝ සිනමා උලෙළේදීද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය.