ලූලියා, සල්මාන් යළිත් එකට
සල්මාන් ඛාන්ගේ පෙම්වතිය බවට මාධ්‍යය හරහා නිතර තොරතුරු වාර්තා වූ රුමේනියානු නිරූපිකා ලුලියා වැන්තර් පිළිබඳව පසුගිය කාලයේ එතරම් කතා බහක් ඇති නොවුණි. බොහෝ දෙනා පවසන්නේ කත්‍රිනා කයිෆ් සමගින් සල්මාන් ඛාන් යළි මිතුරු වී තිබෙන නිසා ලුලියා සමග ඇති ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටි ඇති බවය.
එහෙත්, පසුගිය මාර්තු 12 වැනිදාට යෙදී තිබුණ සල්මන් සොහොයුරු සොහෙල් ඛාන්ගෙ බිරි සලීමා ඛාන්ගේ උපන්දිනයට සල්මාන් සමග ලුලියාද පැමිණ සිටිනු දක්නට ලැබුණි. ඔවුන් දෙදෙනා පෙනී සිටින ඡායාරූප කිහිපයක්ද මේ වනවිට අන්තර්ජාලයට යොමුකර තිබෙන අතර, බොහෝ දෙනෙකු පවසන්නේ සල්මාන් හා ලුලියා සම්බන්ධය තවමත් පවති බවය.