ලූලියා වැන්චූර් ගේ සිනමාගමනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-29-ent-88

සල්මන් ඛාන්ගේ පෙම්වතිය ලෙස ක්ෂේත‍්‍රයේ ප‍්‍රචලිතව සිටින ලූලියා වැන්චූර් බොලිවුඞ් සිනමාවට පා තැබුවේ ගීත ගායනා කරමින් සහ ගීතමය දර්ශනයකට පෙනී සිටිමිනි. දැන් ඇය රාධා ක්යෝන් ගෝරි මෑ ක්යෝන් කාලා චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය ර`ග පාන්නට සූදානමින් සිටින්නීය. මේ චිත‍්‍රපටි ගිවිසුම අත්සන් කරන්නට පෙර ඇය සල්මන් ඛාන්ගෙන් ඒ පිළිබ`ද අදහස් විමසුවාය. එහි තිර පිටපත කියවා බැලූ සල්මන් ඇය දිරිමත් කළේය.

‘‘අවුරුදු තිහක් සිනමාවේ ඉන්න සල්මන්ට තරම් හො`දට තිර පිටපතක් කියවලා අදහස් දක්වන්න පුළුවන් කෙනෙක් තවත් ඉන්නවද ..?’’ ලූලියා අසන්නීය.

ඇයට හැමදාමත් වුවමනා වූයේ සමාජයට ප‍්‍රබල පණිවිඩයක් ලැබෙන ආකාරයේ චිත‍්‍රපටියක ර`ග පාන්නටය. ලිංගික අතවරයකට මුහුණ දීමෙන් අනතුරුව දිරියෙන් නැගී සිටින කාන්තාවකගේ කතාවක් සහිත මෙම චිත‍්‍රපටියෙන් ඒ අරමුණ ඉටු වෙන බැව් ඇය කියයි.

‘‘හැබැයි මේ චිත‍්‍රපටියේ මට ගීත ගායනා කරන්න ඉඩක් ලැබෙයි ද කියලා කියන්න බෑ..’’

ඇය කියන්නේ ගීත ගායනා කිරීමට ඇය තුළ ඇති ආශාව ද විදහා පාමිනි.

ඇගේ තාත්තාට වුවමනා කර තිබුණේ ඇය නීති අංශයෙන් අධ්‍යාපනය ලබනවා දකින්නටය. එහෙත් ඇය එයට කැමැත්තක් දක්වන්නේ නැත.

‘‘මම බොලිවුඞ් චිත‍්‍රපටියක ර`ග පානවා කිව්වම අම්මලා පුදුම වුණා.. ඒත් කවදාවත් මම වැරදි තීරණයක් ගන්නෙ නෑ කියලා ඒ දෙන්නා දන්නවා..’’ ලූලියා පැවසුවාය.

රුමේනියානු ජාතික නිරූපිකාවක සහ රූපවාහිනී නිවේදිකාවක වන ලූලියා සල්මන්ට හමු වී ඇත්තේ ඩබ්ලින්හිදී බොඩි ගාර්ඞ් චිත‍්‍රපටිය රූගත කෙරෙමින් තිබියදිය. ඔවුන් දෙදෙනා හ`දුන්වා දී ඇත්තේ එවකට සිටි ඇගේ පෙම්වතා විසිනි. පසු කාලයක ලූලියා සිය පෙම්වතාගෙන් වෙන් වූ අතර ඇය සහ සල්මන් අතර සබ`දතාවක් ඇතැයි ලොව පුරාම පැතිර ගියේය. ඔවුන් දෙදෙනා බොහෝ ප‍්‍රසිද්ධ ස්ථානවල එකට දකින්නට ලැබුණත් තමන් පෙම්වතුන් බැව් ඔවුන් තවමත් ප‍්‍රකාශයට පත් කර නැත.