ලුලියා බොලිවුඩ් සිනමාවට
සල්මාන් ඛාන්ගේ වර්තමාන පෙම්වතිය වන රුමේනියානු ජාතික ලුලියා වැන්තර් ඉදිරියේදී බොලිවුඩ් සිනමාවට එක්වීමට නියමිත බව සඳහන් වේ. ඒ සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ ‘ජුඩ්වා’, ‘හර් දිල් ජෝ ප්යාර් කරේගා’, ජීත්’ හා ‘කික්’ චිත්‍රපට නිෂ්පාදනය කළ සජිද් නදිඩ්වාලාගේ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය හරහාය.
කෙසේ වෙතත්, මේ බව ලුලියා මෙන්ම සජිද් ප්‍රසිද්ධියේ පවසා නොමැති අතර, සජිද්ගේ බිරිඳ වර්ධා මේ බව මාධ්‍යයට දන්වා ඇත. වර්ධා, ලුලියාගේ සමීපතම මිතුරියක් වන අතර, ඇය නිතරම ලුලියා සමගින් සම්බන්ධකම් පවත්වන්නියක්ද වේ. ලුලියා දායක වන බොලිවුඩ් චිත්‍රපටයේ ඇයගේ සිනමා පෙම්වතා වන්නේ කවුරුන්දැයි මේ වනවිට බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී ඇති අතර, නිල නොලත් අරාංචි මාර්ග සඳහන් වන්නේ, ඒ සඳහා බොහෝ විට ආදිත්‍ය පංචෝලිගේ පුත් සෝරජ් පංචෝලි එක්වනු ඇති බවයි.