ලීසා හේඩින් තුන්වැනි වරටත් මවක් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වූ ලීසා හේඩින් තමා නැවතත් මවක් වී ඇති බව මීට දින කිහිපයකට පෙර නිවේදනය කර තිබේ. දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ලීසා මෙසේ තම තුන්වැනි දරුවා බිහි කරන්නට සූදානම් වන්නේ එළැඹෙන ජූනි මාසයේදී බව වාර්තා වෙයි.

දැනට කරන ලද පරික්ෂණවලින් හෙළිව ඇත්තේ ලීසාට මෙවර ලැබීමට නියමිතව ඇත්තේ ගැහැණු දරුවෙකු බවය. කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ඩිනෝ ලාල්වානි සමගින් 2016 වසරේදි විවාහ වූ ලීසාට මේ වනවිටත් සැක් හා ලියෝ නම් පිරිමි දරුවන් දෙදෙනෙකු සිටියි. 

20210219Lisa (1) 20210219Lisa (2)