ලියනාර්ඩෝ සහ බ්රැඩ්ප්රිට් එක්ක කලඑළි බසින රොබී
2018 වසරේ අවසානයට කෙමින් කෙමින් ළං වෙමින් පවතින අතර, 2019 වසරේදී එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපට පිළිබඳව මේ වනවිට කතාබහක් ඇති වී තිබේ.
2019 වසරේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් අතරින්, ‘The Lion King’, ‘Toy Story 04’, ‘Captain Marvel’, ‘Hellboy 2019’, ‘How to Train Your Dragon: The Hidden World’, ‘Dark Phoenix (2019)’, ‘Once Upon a Time in Hollywood’, ‘Avengers: Endgame (2019)’, ‘Frozen 2 (2019)’ යන චිත්‍රපට ලබන වසරේ මුල් කාලයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.
ලබන වසරේදී එළිදක්වන චිත්‍රපට අතරින් වෙනස්ම චිත්‍රපටයක් ලෙස කතාබහට ලක්ව ඇත්තේ ‘Once Upon a Time in Hollywood’ චිත්‍රපටයයි. එයට හේතුව වී ඇත්තේ මේ සඳහා හොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙදෙනෙකු දායක වීමයි. හොලිවුඩ් සිනමාවේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වන ‘Quentin Tarantino’ විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරයි. එමෙන්ම හොලිවුඩ් සිනමාවේ සම්මාන ලාභී නිළියක වන මාර්ග්ට් රොබී මෙහි ප්‍රධාන චරිතය හැඩ කරයි.
‘Vigilante’ චිත්‍රපටයෙන් 2008 වර්ෂයේදී ක්ෂේත්රයට පිවිසි ඇය 2009 වර්ෂයේදී තිරගත වූ ‘I.C.U.’ චිත්‍රපටය තුළින් සිනමා ලෝකය තුළ ස්ථිර රංගන ශිල්පිනියක් බවට පත්විය. 2013 වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වූ ‘About Time’ චිත්‍රපටය ආදායම් අතරට පැමිණි චිත්‍රපටයක් වන අතර, ‘The Wolf of Wall Street’ චිත්‍රපටය සඳහාද එම වර්ෂයේදීම ඇය දායක වූවාය.
ඉන්පසු ඇය 2014 වර්ෂයේ තිරගත වූ ‘Empire Awards’ චිත්‍රපටය වෙනුවෙන් ඇය හොඳම නවක නිළියට හිමි සම්මාන හිමිකර ගත්තාය. 2015 වර්ෂයේදී ඇය ‘Z for Zachariah’ නම් චිත්‍රපටය සඳහා දායක වූ අතර, 2015 වර්ෂයේදී තිරගත වූ ‘Focus’ චිත්‍රපටය හේතුවෙන් ඇයට ඉහළ ස්ථානයක් හිමිවිය.
මෙම චිත්‍රපටය මූල්‍යමය වාර්තා අතර ඉහළම ඇති චිත්‍රපටය ලෙස නම් විය. මෙම චිත්‍රපටය විල්ස්මිත් සමග රංගනයෙන් දායක වීම ඇය ජීවිතයේ ලබනු ලැබූ උපරිම අත්දැකීම බව ඇය සඳහන් කළාය.
ඊට අමතරව එම වර්ෂයේදී තවත් චිත්‍රපට දෙකක් සඳහා ඇය දායක වූවාය. ඒ ‘Suite Française’ චිත්‍රපටයට සහ ‘The Big Short’ චිත්‍රපටයටය. 2016 ‘Whiskey Tango Foxtrot’ චිත්‍රපටය මාර්තු මාසයේ එළිදැක්වූ අතර, එය ආදායම් අතින් අසමත් චිත්‍රපටයක් විය.
2016 වර්ෂයට ඇය තවත් චිත්‍රපට දෙකක් සඳහා දායක විය. ඒ අතරින් ‘Suicide Squad’ චිත්‍රපටය ආදායම් අතින් ඉහළ චිත්‍රපටයක් විය. 2017 වසරේදී ඇය ‘I, Tonya’ සහ ‘Goodbye Christopher Robin’ යන චිත්‍රපට දෙක සඳහා රංගනයෙන් දායක විය. 2018 වසරේදී ආදායම් වාර්තා තැබූ චිත්‍රපට කිහිපයක් සඳහා ඇය රංගනයෙන් දායක වූ අතර, ඒ අතරින් ‘Peter Rabbit’, ‘Terminal’, ‘Slaughterhouse Rulez’, ‘Mary Queen of Scots’ යන චිත්‍රපටයන් ප්‍රධාන තැනක් ගනී. 2019දී ඇය විසින් රංනයෙන් දායක වූ ‘The Lego Movie 2: The Second Part’ චිත්‍රපටයද, ‘Once Upon a Time in Hollywood’ චිත්‍රපටයද එළිදැක්වීමට නියමිතව තිබේ.
එමෙන්ම ‘Dreamland’ සහ ‘Fair and Balanced’ නම් චිත්රපටද ලබන වසරේදී එළිදැක්වීමට නියමිතව ඇති අතර, ඒ පිළිබඳ දින වකවානුවක් සඳහන් නොවේ. ඇය මේ වනවිට රූපවාහිනී කතාමාලා 09ක් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය සම්මානලාභී නිළියක් ලෙස ලබන වසරේදී කරඑළි බැසීමට නියමිතය.