ලස්සන කෙල්ලක් අණ්ඩර කොල්ලෙක්
අහස අල්ලන්න හදන උස් ගොඩනැගිලි වලින් සමන්විතවුණු නගරයක්... මේ නගරයෙහි ගස් කොළන් දකින්නම නැහැ වගේ. ඒත් මේ නගරය ඉතාම සුන්දරව කුණු කසළ තැන තැන නොදා තියෙන ඉතාම දැකුම්කළු පිරිසිදු නගරයක්.. ගෞරව් ජීවත් වෙන්නේ මෙහේ, මේ නගරය් නම මියාමි. ගෞරව් කියන්නේ කඩවසම් තරුණයෙක්. ගෞරව් ඔයාලා අපි වගේ පැය 8 රුකියාවක් කරන්න කැමති කෙනෙක් නෙවෙයි.එයාට පැය 8 - 9 රුකියාවක් කියන්නේ බෝරිං දෙයක් කියලයි ගෞරව් නම් කියන්නේ. ඒත් එයා සල්ලිනම් ගොඩාක් හම්බකරනවා.එයා හොඳ වාහනයක් සහ සුපිරි ගෙයකුත් මිලට ගන්නවා. හැම දෙයක්ම තීයෙන මේ ගෙදරට අඩු සහකාරියක් විතරයි. ගෞරව් සල්ලි හම්බ කරන්නේ ජීවිතයට අවදානමක් තියෙන වැඩ ඒ කියන්නේ අති බිහිසුණු වැඩවලට සම්බන්ධ වෙලයි.
ගෞරව් ජීවත් වෙන නගරයේම තමයි කාව්‍යා ජීවත් වෙන්නේ. කාව්‍යා කියන්නේ ගොඩාක් ලස්සන කෙල්ලෙක්. ගෞරව් කාව්යව විවාහ කර ගන්න කැමති වුණත් කාව්‍යා තමන්ගේ ජීවිතයට අවදානමක් ගන්න කැමති කෙනෙක් නෙවෙයි. එයා තමන්ගේ ජීවන සහකාරයා විදියට පිළිගන්න කැමැත්තෙන් ඉන්නේ ජීවිත අවදානමක් නැති කඩවසම් කරුණාවන්ත කෙනෙක්වයි.
ගෞරව් තමන් තෝරාගෙන ඇති ජීවන වෘත්තියට අදාළ රාජකාරීන් අවසන් වුණාම, තමන්ගේ නිවසට වෙලා කෑම උයන්න ගොඩාක් කැමති කෙනෙක්. තමන්ට ලැබුණු රාජකාරීන්වලට ලොව පුරා රවුම් ගහන මේ කඩවසම් කොල්ලා ගොඩාක්ම කැමති අන්න එහෙම තමන්ගේ ගෙදරට වෙලා තමන් කැමති කෑමක් උයා පිහාගෙන ගෙවන දවසට විතරයි. ගෞරවි මේ දවසට ගොඩාක් කැමතියි.
ගෞරව්ට කරන්න හම්බවුණු වෘත්තියක් වෙනුවෙන් මුම්බායිවලට යන්න වෙනවා. එයාගේ අත් වැරුද්දකින් ගෞරව්ව අඳුනා ගන්නවා භයානක කෙනෙක්ව. ඒ භයානක පුද්ගලයා සෙවණැල්ලක් මෙන් ගෞරව් පසුපස එනවා.
ගෞරව් සිහින දකින ජීවිතයට කුමක් වෙයිද? ගෞරව්ගේ ජීවිතයේ කොටසක්වෙලා ඉන්න කාව්‍යට මොනවා වෙයිද?
මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයා ගන්න වෙන්නේ 2017 අගෝස්තු 25 වැනිදා තිරගතවු අ ජෙන්ට්ල්මන් කියන හින්දි සිනමාපටය නරඹන්න ගියොතින් පමණයි. ඒත් මේ දවසටත් මේ සිනමාපටය බලන්න වෙන්නේ සීමාසහිත පිරිසකට විතරයි කියලා තමයි අපිට දැන ගන්න ලැබුණේ. සටන්, බිහිසුණු ජවනිකා, හාස්‍යය, ආදරය පිරුණු මේ සිනමාපටයෙහි ගෞරව් විදියට රඟපාන නළුවා, 2010 වර්ෂයේදී කරන් ජොහාර් විසින් සෑදු මයි නේම් ඉස් ඛාන් සිනමාපටයෙහි කරන් ජෝහර්ගේ සහාය අධ්යක්ෂවරයා ලෙසින් කටයුතු කළා. 2012 දී කරන් ජෝහර්ගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් සිනමාපටයෙන් රංගනයට පිවිස, හොඳම නැගී එන නළුවා සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය සඳහා නිර්දේශවුණු ඔහු, හමුදා කපිතාන් කෙනෙක්ගේ පුත්‍රයෙක් ලෙසින් 1985 ජනවාරී 16 දින මුම්බයිහිදි උපතලද, සිද්ධාර්ත් මල්හෝත්‍රා. ඔහු වයස අවුරුදු 18 සිට නිරෑපණ ශිල්පියෙක් ලෙසින්ද කටයුතු කරනවා. ඔහු විසින් 2014 වසරේදී රංගනයෙන් දායක වුණු හසී තෝ පසී (පරිනීති චොප් රා මෙහි පෙම්වතිය ලෙසින් රංගනයෙන් දායක වුණා) සහ ඒක් විලන් (ශ්‍රද්ධා කපූර් මෙහි ප්‍රධාන නිළිය ලෙසින් රංගනයෙන් දායක වුණා) ජනප්‍රිය සිනමාපටයන් වූ අතර අලෙවි වාර්තා තියමින් තිරගත වුණු සිනමාපට අතරටද එකතු වුණු.
ගෞරව් කවුද කියලා කිව්ව නිසාම කාව්‍යා ගැනත් කියන්න වෙනවනේ. කාව්‍යා අපේ රටේ කෙනෙක්. එයා කවුද කියලා දැන් නම කිව්වේ නැතත් ඔයාලා දන්නවා නේද?
1985 අගෝස්තු 11 වැනිදා ශ්‍රි ලංකාවේ කොළඹදී ඉපදුණු ඇය, 2006 දී ලෝක රෑ රුජන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළා. සිඩ්නි වලින් ජනමාධ්‍ය සඳහා උපාධියක් හිමි කරගෙන සිටින ඇය, ශ්‍රී ලංකාවේදී මාධ්‍ය ෙව්දිනියක් ලෙසින්ද කටයුතු කළා. ඇය නමින් ජැක්ලින් ෆර්නෑන්ඩස්. 2009 දී ඇලදින් සිනමාපටයෙන් හින්දි සිනමාව සඳහා අත්පොත් තැබූ ජැක්ලින්, 2011 දී මර්ඩර්, 2012 දී හවුස්ෆුල්, 2013 දී රේස් -02, 2014 ද කික්, හවුස්ෆුල් 03 වැනි සිනමා පටවලින් පසුව තම රංගනයන් ඉදිරිපත් කරනුයේ මේ සිනමා පටයෙන්.
අ ජෙන්ටල්මන් හින්දි ෆිල්ම් එකේ නළුවයි නිළියයි කවුද කියලා කිව්වට තවමත් ඒ ෆිලම් එකේ දුෂ්ට චරිතය රඟපාන්නේ කවුද කියලා ලියන්න බැරි වුණා. 1961 අගෝස්තු 11 වැනිදා, උපත ලද ඔහු හින්දි සිනමාපට 110ක පමණ රංගනයෙන් දායකවෙලා තියෙනවා වගේම, ඔහු නිෂ්පාදකවරයෙක්ද වෙනවා. 1992 දී දිව්‍යා භාරතී සමඟින් බල්වාන් සිනමාපටයෙන් ප්‍රථම රංගනය ආරම්භ කළ ඔහු, සුනිල් ශෙට්ටි. ඔහු රංගනයෙන් දායකවුණු සාර්ථක සිනමාපට අතර Dilwale (1994), Anth (1994), Mohra (1994), Gopi Kishan (1994), Krishna (1996), Sapoot (1996), Rakshak (1996), Border (1997), Bhai (1997), Hera Pheri (2000), Dhadkan (2000) Yeh Teraa Ghar Yeh Meraa Ghar (2001), Main Hoon Na (2004) මුල් තැනක් ගනියි. 2001 දී ඩඩ්කන් ෆිල්ම් එකේන් හොඳම දුෂ්ටයාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබූ සුනිල් මේ සිනමාපටයෙන්ද දුෂ්ටයාට හිමි සම්මානය හිමි කර ගනී යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණා.
අ ජෙන්ට්ල්මන් සිනමාපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ රාජ් නිදිමොරු සහ ක්රිෂ්ණ ඩීකේ විසිනි. මෙම සිනමාපටය සුන්දර කරන්නට එහි දෙබස් රචනය සුමිත් බතේජා විසින් සිදු කර ඇති අතර තිර රචනය, කතාව රාජ් සහ ඩීකේ විසින්ම සිදු කර කරලා. සචින් සහ ජිගර් සංගීතවත් කොට ඇති මේ සිනමාපටය නිෂ්පාදන ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝ විසින් සිදු කරලා තියෙනවා. මේ සිනමාපටයෙහි ගීත ගැයුවේ බෙනි දයාල්, විශාල් දඩ්ලානි, ජොනිතා ගාංදී, අර්ජිත් සිං, ශෙයා ඝෝෂල්.
මේ ෆිල්ම් එක 2014 දී රිතික් රෝෂන් සහ කත්රිනා කයිෆ් විසින් රංගනයෙන් දායක වුණු බෑන්ග්-බෑන්ග් සිනමාපටයෙහිම අනුරුවක් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණා.
සිද්ධාර්ත් මාධ්‍යවලට තතු පහදා දෙමින් කියා සිටියේ ෆොක්ස් ස්ටුඩියෝ එකෙන් බෑන්ග් බෑන්ග් සිනමාපටයද නිෂ්පාදනය කර ඇති නිසා මාධ්‍යයන්හි ඒ වාර්තා පළකොට තිබුණත් මේ ෆිල්ම් එකේ කතාව වෙනස් එකක් බවයි. මේ සිනමාපටයෙහි රංගන ශිල්පීන්, අධ්‍යක්ෂකවරුන්, රෑගත කොට ඇති ස්ථානයන් සහ මෙයට දරා ඇති වියදමද වෙනස් බව ඔහු වැඩිදුරටත් කියනවා. ජැක්ලින්ද තම ට්විටර් ගිණුමෙහි මේ සිනමා පටය වෙනස් එකක් බවද එය නැරඹීමට සූදානම් වී සිටින ලෙසද දන්වා තිබුණා. එයට 103103 දෙනෙක් ප්‍රතිචාර දක්වා තිබුණු අතර 2,2532,253ක් කැමැත්ත පළකොට තිබුණා.