‘ලව් රාත්‍රි’ වලින් පස්සේ ආයුෂ් ෂර්මා
සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ගේ හදාගත් නැඟණිය වන අර්පිතා ඛාන්ගේ සැමියා වන ආයුෂ් ෂර්මා මෙ වනවිට සිය අලුත්ම චිත්‍රපටය සඳහා සූදානම් වෙයි. ඒ ‘මරාති’ චිත්‍රපටයක අනු නිර්මාණයක් වන ‘ගන්ස් ඔෆ් නෝර්ත්’ චිත්‍රපටය සඳහාය.
සල්මාන් ඛාන් මෙහි නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරන අතර, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට ඔහුගේ සමිපතම මිතුරෙකු වන සිනමා නළු මහේෂ් මංජේකාර් එක් කරගෙන ඇති බව වාර්තා වෙයි. සල්මාන් ඛාන් අවසන් වරට රඟපෑ ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටයේ මහේෂ්ගේ වැඩිමහල් දියණිය වන සායි මංජේකර් රංගනයෙන් දායක විය. මහේෂ් මේ වනවිට හින්දි චිත්‍රපට 25ක් අධ්‍යක්ෂණය කර තිබෙන අධ්‍යක්ෂවරයෙකුද වෙයි.