‘ලව් ආජ් කල්’ අලුත් එක අසාර්ථක ඇයි?
පසුගිය පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය වූ ඉම්ටියාස් අලිගේ ‘ලව් ආජ් කල්’ දෙවැනි චිත්‍රපටය මේ වනවිට අසාර්ථක චිත්‍රපට අතරට එකතු වි තිබේ. ඉන්දිය රුපියල් කෝටි 78ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටය තිරගත වූ කාලසිමාවේදී උපයාගන්නට සමත් වූයේ ඉන්දීය රුපියල් කේටි 50ක මුදලක් පමණි.
සිනමා විචාරකයන් පවසන්නේ තිර රචනාව ඉතා ඉහළ මට්ටමක තිබුණද ප්‍රධාන චරිත සඳහා එක්වූ සාරා අලී ඛාන් හා කාර්තික් ආර්යන් දෙදෙනාගේ දුර්වල රංගනය මෙම චිත්‍රපටයේ අසාර්ථකත්වයට තදින්ම බලපෑ බවය.