'ලවර්රාත්‍රි' වැඩ අවසන්
සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වන ‘ලවර්රාත්‍රී’ චිත්‍රපටය වැඩ කටයුතු පසුගිය සති අන්තයේදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී නිමාවු බව ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය සඳහන් කර සිටියි. සල්මාන් ඛාන්ගේ නැඟණිය අර්පිතා ඛාන්ගේ සැමියා වූ අයුෂ් ෂර්මා හා බොලිවුඩ් සිනමාවට නවකයෙකු වන වරීණා හුසේන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.
සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති මෙම ‘ලවර්රාත්‍රී’ චිත්‍රපටය අධ්‍යක්ෂනය කර ඇත්තේ අභිරාජ් මිනාවලාය. චිත්‍රපටය එළැඹෙන ඔක්තෝබර් 05 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. මෙය මේ වසරේ සල්මාන් විසින් නිෂ්පාදනය කරන පළමු වැනි බොලිවුඩ් චිත්‍රපටයද වීඹ විශේෂත්වයකි.