ලබන වසරේදි ඔස්ට්‍රේලියාවේ ප්‍රසංග රැසක් පවත්වන්න හිතාගෙන ඉන්නවා
ජනප්‍රිය යොවුන් ගායන ශිල්පියෙකු වන උදය ශ්‍රී මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජිවත් වෙයි. තවත් දින කිහිපයකින් උදා වෙන නත්තල් දිනය හා නව වසර උදාව පිළිබඳව අපි ඔහුගෙන් විමසුවා. 2021 නව වසරේ වැඩ කටයුතු බොහෝමයක් සැළසුම් කර ඇති උදය අපිට කිව්වේ ඒ පිළිබඳව මෙසේ පැවසුවා..
ලබන වසරේ මගේ මුල්ම බලාපොරොත්තුව තමයි මගේ ඊළඟ ගීතය හා රූප රචනාව මගේ ආදරණිය රසික, රසිකාවියන්ට තිළිණ කරන එක. ‘කොවිඩ්’ ගෝලීය වසංගතය නිසා මේ වසරේදී අපි බලාපොරොත්තු වුණ කිසිම දෙයක් අපිට හරියටම කරගන්න බැරිවුණා. නමුත්, මම හිතනවා උදාවෙන නව වසරේදි අපිට අපේ ජීවිතය පැත්තෙන් වගේම කලාව පැත්තෙන් යමක් කරන්න ඉඩක් ලැබෙයි කියලා. ඒ වගේම මම ඔස්ට්‍රේලියාවේ ප්‍රසංග කිහිපයක් කරන්න දැන් සැළසුම් කරමින් ඉන්නවා. හැබැයි තවමත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත බොහෝමයක් යළිත් කොවිඩ් රැල්ලක් එයි කියන විශ්වාසයකින් ඉන්නවා. යම් හෙයකින් එහෙම තත්ත්වයක් උදා නොවුණොත් අනිවාර්යයෙන්ම මම සැළසුම් කරලා තියෙන වැඩ ටික ඒ විදිහටම සිදුවෙයි කියලා කියන්න පුළුවන්.