ලබන වසර සෝනම්ට සුබයි
මේ වසරේ කිසිදු බොලිවුඩ් චිත්රපටයක් සඳහා රංගනයෙන් දායක නොවූ සෝනම් කපූර් එළැඹෙන 2018 වසරේදී බොලිවුඩ් චිත්රපට පහකින් සිය රසික පිරිස් හමුවීමට සූදානමින් සිටින බව සඳහන් වෙනවා. ලබන වසරේ ජනවාරියේදී තිරගත වන ‘පෑඩ් මෑන්’ චිත්රපටය සෝනම්ගේ පළමු බොලිවුඩ් චිත්රපටය වෙයි. ඊට අමතරව රන්බීර් කපූර් සමගින් ඇය ‘සන්ජූ’ චිත්රපටයේද, කරීනා කපූර් සමගින් ‘වීරේ දී වෙඩින්’ චිත්රපටයේද සිය පියා වූ අනිල් කපූර් සමගින් ‘ඒක් ලඩකි තු දේකා තෝ ඇසා ලගා’ චිත්රපටයේද, ‘සඩක්’ දෙවැනි චිත්රපටයේද ඇය රංගනයෙන් එක්වන නිර්මාණයන්ය. ඇය අවසන් වරට රංගනයෙන් දායක වූයේ 2016 වසරේ තිරගත වූ ‘නිර්ජා’ චිත්රපටයයි.