ලතාගේ 89 වැන්නට අගමැති 'ටිවිටර්' සුබපැතුම
‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී වැඩිම වරක් හොඳම ගායිකාව ලෙස සම්මාන දිනාගෙන ඇති ලතා මංගේෂ්කාර්ගේ 89 වැනි උපන්දිනය පසුගිය සති අන්තයට යෙදී තිබුණි. බොහෝ පිරිසකගේ අවධානයට ලක්වූ ලතාගේ 89 වැනි උපන්දිනය සඳහා චාම් උපන්දින සාදයක්ද සංවිධානය කර තිබුණ අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලතා වෙනුවෙන් සිය ‘ටිවිටර්’ ගිණුම හරහා සුබපැතුම් එක්කොට තිබුණ බව සඳහන් වේ.
ලතාගේ නැඟණිය වූ ආශා බොස්ලේ විසින් මෙම උපන්දින සාදය සංවිධානය කර තිබුණ අතර, බොලිවුඩ් සිනමා නිළි මධුරි ඩික්සිත්, චිත්‍රපට පසුබිම් ගායිකා අල්කා යාග්නික් හා ශ්‍රීයා ගෝෂාල්ද මෙම උපන්දින සාදයට පැමිණ සිටි බවට තොරතුරු වාර්තා වේ. ලතා මේ වනවිට ගීත ගායනයට සමුදී ඇති අතර, ඇය භාෂා 10කින් ගීත විසිදාහසකට වඩා ගීත ගායනා කරද ඇත.