‘ලක්ෂ්මි’ චිත්‍රපටයෙන් පස්සේ ක්යාරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ සුරූපි ක්යාරා අද්වානි රංගනයෙන් දායක වන චිත්‍රපටයක් මේ වනවිට අන්තර්ජාලය හරහා නරඹන්නට අවස්ථාව සිනමා ප්‍රේක්ෂකයන්ට හිමිව තිබේ. ඒ ආක්ෂේ කුමාර් සමගින් ඇය ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ලක්ෂ්මි’ චිත්‍රපටයයි.

කෙසේ වෙතත්, ක්යාරා රඟන තවත් බොලිවුඩ් චිත්‍රපටයක් එළැඹෙන දෙසැම්බර් 11 වැනිදා අන්තර්ජාලය හරහා නරඹන්නට අවස්ථාව උදා වී ඇත. ‘ඉන්දු කි ජවානි’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය හාස්‍යමය චිත්‍රපටයක් වන අතර, ක්යාරා මේ දිනවල එම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිය සමාජජාල ගිණුම් හරහා සිදු කරමින් සිටින බව සඳහන් වෙයි.

20201127Kiyara-1 20201127Kiyara-2