ලංකාවට ආ බොලිවුඩ් පෙම්වත්තු
ලන්ඩනයේ සංචාරයක් නිමා කර පැමිණි විගසම රන්වීර් සිං සිය පෙම්වතිය දීපිකා පදුකෝන් ද කැටුව ශී‍්‍ර ලංකාවට ආවේ නව වසර සැමරීම පිණිසය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඔවුන් දෙදෙනාට තවත් බොලිවුඞ් යුවළක් වන ටයිගර් ෂ්රොෆ් සහ දිශා පටානි හමු වීම බලවත් පුදුමයක් වූ බැව් පෙනිණි. ඔවුන් පැමිණ සිටියේත් නිවාඩුව ගත කරනු පිණිසය. තමන් අතර පෙම් සබ`දතාවක් ඇතැයි ප‍්‍රසිද්ධියේ පිළි නොගන්නේ වී නමුත් බොහෝ තැන්වල ඔවුන් දෙදෙනා යන්නේ එකටමය. ගුවන් තොටුපලේ දී ටයිගර්, දිශාගේ උකුළේ වාඩි වී සිටින ආකාරය දැක්වෙන සේයාරුවක් ද ලංකාවේ මුහුදු වෙරළ ඇතුළු සුන්දර ස්ථානවල ඔවුන් විනෝද වෙන ආකාරය දැක්වෙන සේයා රූ ද දැන් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
ඔවුන් සම`ග සේයා රූ ගැනීමට ද ගුවන් තොටුපල කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට ඉඩ ලැබිණි.
ටයිගර් සහ දිශා භාගි 2 චිත‍්‍රපටියේ එකට රගපාන අතර දීපිකා සහ රන්වීර් බලා සිටින්නේ පද්මාවති තිරගත වන තුරුය.