රෝගාතුරව සිටි ෂාහිඩ් නැවතත් රූපගත කිරිම්වලට
පසුගිය සති කිහිපයේදී රෝගාතුරව සිටි ජනප්රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් මේ වනවිට ඉන් සම්පුර්ණ සුවය ලබා සිටින බව වාර්තා වේ. එළැඹෙන නව වසරේ ජනවාරි 03 වැනිදා සිට යළිත් සුපුරුදු චිත්රපට රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව බව ඔහු පවසා සිටියි.
ජනප්රිය තෙළෙඟු චිත්රපටයක් වූ ‘අර්ජූන් රෙඩ්ඩි’ චිත්රපටයේ අනු නිර්මාණයක් වන ‘කබිර් සිං’හි ෂාහිඩ් අවසන් වරට රූපගත කිරිම් සඳහා රංගනයෙන් දායක වූ අතර, එහි ඉතිරි රූපගත කිරිම් එළැඹෙන ජනවාරි 03 වැනිදා දිල්ලියේදී ආරම්භ කිරිමට නියමිතව ඇත. ෂාහිඩ් මෙම චිත්රපටයේ නවක නිළි කියාරා අද්වානි සමගින් රංගනයෙන් එක්වේ.