'රොබින් හුඩ්' සමග එන අයර්ලන්ත නිළිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-08-16-ent-86

දීර්ඝ ඉතිහාසයක් ඇති කතාමාලාවක් ලෙස ලෝකයේ ප්‍රසිද්ධියට පත් වූ ’රොබින් හුඩ්’ කතාමාලාව චිත්‍රපට නිෂ්පාදනයක් ලෙස මෙම වසරේ එළිදැක්වීමට නියමිතව තිබේ. 1984 වසරේදී නිර්මාණය වූ මෙම කතාමාලාව 1986 වසර දක්වා විකාශය වෙමින් බොහෝ ජනප්‍රියත්වයක් හිමිකරගත් කතාංගයක් විය. 1986 වසරෙන් පසුව නැවත 2006 සිට 2009 දක්වා විකාශය වීමට නවතම නිෂ්පාදනයක් ලෙසින් යළිත් ‘රොබින් හුඩ්’ කතා මාලාව නිෂ්පාදනය විය. විශාල සුප්‍රසිද්ධියක් ලැබූ කතාංගයක් වන ‘රොබින් හුඩ්’ ටෙලි නිර්මාණය මෙම වසරේදී චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන දෙවැනි අවස්ථාවද මෙය වේ. 2010 වසරේදී රිඩ්ලි ස්කොට් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ’රොබින් හුඩ්’ චිත්‍රපටය ආදායම් වාර්තා හිමිකරගත් චිත්‍රපටයක් බවට පත්විය. ඇ.ඩො. මිලියන 200ක් වැයකර නිෂ්පාදනය කළ එම චිත්‍රපටයට ඇ.ඩො. මිලියන 321.7ක ආදායමක් ඉපැයීමට හැකියාව ලැබුණි.2018-08-16-ent-88

එම චිත්‍රපටය නිර්මාණය වී වසර 08කට පසුව නිර්මාණය වන ‘රොබින් හුඩ්’ චිත්‍රපටය පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. පසුගියදා එළිදැක් වූ ‘රොබින් හුඩ්’ චිත්‍රපටයේ ප්‍රචාරක පටයත් සමග මේ පිළිබඳව කතාබහක් ඇතිවී තිබේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත හැඩ කරන චරිත අතරින් ප්‍රධාන චරිතය වන ‘ටැරොන් එගර්ටන්’ සහ ‘ඊව් හෙව්සන්’ පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. පසුගිය කාලයේ තිරගත වූ ‘ටැරොන් එගර්ටන්’ ප්‍රධාන රංගනයෙන් දායක වූ ‘කින්ග්ස්මන්’ චිත්‍රපටයේ දෙවැන්න හේතුවෙන් ජනාදරයට පත් ඔහු ‘රොබින් හුඩ්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හැඩ කරයි. එමෙන්ම ‘ඊව් හෙව්සන්’ නම් නවක නිළියක මෙහි ප්‍රධාන චරිතය හැඩ කරන අතර, ඇය අයර්ලන්ත ජාතික නිළියක් වෙයි. හොලිවුඩ් සිනමාව තුළ ඇය සුප්‍රසිද්ධ චරිතයක් නොවීම හේතුවෙන් මෙම චිත්‍රපටයට ඇයව දායක කර ගැනීම පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත්ව තිබේ.

ඊව් හෙව්සන් යනු අයර්ලන්ත ජාතික කාන්තාවකි. 27 වැනි වියේ පසුවන ඇය 2008 වසරේදී සිනමාවට පිවිස තිබේ. 2008 වසරේදී තිරගත වූ ‘Jorma’s Blind Date’ චිත්‍රපටය ඔස්සේ සිනමාවට අවතීර්ණ වූ ඇය එයින් තම රංගනය ආරම්භ කළේය. එම වසරේදීම ඇයගේ දෙවැනි චිත්‍රපටය ලෙස ‘The 27 Club’ චිත්‍රපටය තිරගත විය. සිනමා ගමනේ ආරම්භයත් සමගින් ඇය රංගන පිළිබඳව හැදෑරීම සඳහා වසර දෙකක කාලයක් රංගනයෙන් ඉවත්ව කටයුතු කළේය. ඇය 2009 සිට 2010 දක්වා රංගනයෙන් ඉවත්ව කටයුතු කළ අතර, එම කාලයේදී රංගන පිළිබඳව හදාරා තිබේ. නැවත ඇය සිනමා නිර්මාණයක් ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2011 වසරේදී තිරගත වූ ‘This Must Be The Place’ චිත්‍රපටය ඔස්සේය. එම සිනමා නිර්මාණය ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් විය. නමුත් ඇයට 2012 වසරේදී රංගන වරම් හිමි නොවීය. ඇය 2012 වසරේදී සිනමා නිර්මාණයක් ඔස්සේ දැක බලා ගැනීමට නොහැකි වූවත් ඇයව සිනමා නිර්මාණ දෙකක් ඔස්සේ දැක බලාගැනීමට හැකියාව ලැබුණේ 2013දීය.

ඒ ‘Blood Ties’ චිත්‍රපටයේදී සහ ‘Enough Said’ චිත්‍රපටය ඔස්සේය. 2014 වසරේදී ඇය පුංචි තිරයේ රංගන ශිල්පිනියක් ලෙස රංගන කටයුතු ආරම්භ කළේය. ඒ 2014 දී විකාශන වූ ‘The Knick’ රූපවාහිනී කතාමාලාව තුළිනි. එය 2015 වසර දක්වා විකාශනය විය. 2015 වසරේදි තිරගත වූ ‘Bridge of Spies’ චිත්‍රපටය ඔස්සේ ඇයගේ රංගන හැකියාවන් දැක බලා ගැනීමට හැකි වූවත් එම චිත්‍රපටය අසාර්ථක චිත්‍රපටයක් ලෙස හැඳින්වීය. 2017දී ඇය රංගනයෙන් දායක වූ ‘Papillon’ චිත්‍රපටය ඔස්සේ ඇයව නැවත දැක බලාගැනීමට අවස්ථාව උදාවිය. මෙම වසරේ එළිදැක්වීමට ඇති දැවැන්ත නිර්මාණයක් වන ‘Robin Hood’ චිත්‍රපටය ඔස්සේ ඇයගේ රංගන හැකියාවන් දැක බලා ගැනීමට අවස්ථාවන් උදා වනු ඇත. කෙසේ වුවත් දීර්ඝ ඉතිහාසයක් ඇති මෙවැනි චිත්‍රපට නිර්මාණ කිරීමේදී ප්‍රවිණ නළු නිළියන් යොදා නොගැනීම පිළිබඳව බොහෝ දෙනා සිය අප්‍රසාදය පළ කරයි. ‘රොබින් හුඩ්’ වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටයන් සඳහා නවක නළු නිළියන් යොදා ගැනීම මගින් එම නිර්මාණයට අසාධාරණයක් සිදුවන බව චිත්‍රපට විචාරකයෝ පවසති. ‘රොබින් හුඩ් 2018’ චිත්‍රපටය සාර්ථක චිත්‍රපටයක් වේද යන කාරණාව දැන ගැනීමට තව දින කිහිපයක් බලා සිටීමට සිදු වීමත් කනගාටුදායක කරුණක් බව ඇතැමුන්ගේ අදහසයි.

 

2018-08-16-ent-85