‘රොක්’ විවාහ වෙයි
රෙස්ලින් පිටියෙන් හොලිවුඩ් සිනමාවට පිවිසි ‘රොක්’ නොහොත් ඩ්වේන් ජොන්සන් බොහෝ කාලයක් තම පෙම්වතියව සිටි ලෝරන් හෂියාන් සමග විවාහ වූයේය. 47 වියේ පසුවන ජොන්සන්ගේ දෙවැනි විවාහය මෙය වන අතර එය ඉතාමත් චාම් මංගල උත්සවයක් හවායිහිදී පැවැත්වුණු බව සඳහන්ය. ජොන්සන් සහ හෂියාන්ගේ ආදර කතාව ආරම්භ වූයේද 2006 වසරේදීය. ජොන්සන්ගේ පළමු බිරිඳ ඩැනී ගාසියාය. දෙදෙනා විවාහ වූයේ 1997දීය. මොවුන් දෙදෙනාට සිමෝන් නමින් පුතෙක් සිටියි. ඔහුට අවුරුදු 18ක් බව සඳහන් වෙයි.