'රේස්' තුන්වැන්නේ රූපගත කිරිම් අරඹයි
සල්මාන් ඛාන් හා ජැක්ලින් ෆර්නැන්ඩෙස් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මීට දින කිහිපයකට පෙර මුම්බායි හිදී ආරම්භ කරනු ලැබීය. ජැක්ලින් හා සල්මාන් බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටින්නේ තුන් වසරකට පසුව වීම විශේෂත්වයකි. ඔවුන් දෙදෙනා අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක පෙම්වතුන් ලෙස රංගනයෙන් දාය වූයේ අතිසාර්ථක වූ ‘කික්’ චිත්‍රපටයේය.
රිමෝ ඩී සූසා අධ්‍යක්ෂණය කරන ‘රේස්’ තුන්වැනි චිත්‍රපටය එළැඹෙන 2018 වසරේ ජුනි මාසයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. සල්මාන් ඛාන් හා ජඩැක්ලිම්නට අමතරව, බොබි ඩියෝල්, ඩේෂි ෂා, ආදිත්‍ය පංචෝලි, ශකිබ් සලීම් හා පූජා හෙඩින්ග් රංගනයෙන් දායක වෙති. මුල් ‘රේස්’ චිත්‍රපට දෙක සඳහා එක්වූ සායිෆ් අලී ඛාන් මෙහි ආරාධිත රංගනයක නිරත වෙති.