රෙස්ලින් ක්‍රීඩිකා, බෙකීගේ ගැබ් ගැනීම ගැන සෙත් තැබු සටහනින් Twitter සමාජ මාධ්‍ය කැළඹෙයි
ලොව ප්‍රකට රෙස්ලින් ක්‍රීඩිකාවක වන බෙකි ලෙන්ච් සිය ශූරතාවය අසුකා ඉදිරියේ අතහැරීමට පසුගියදා පැවැති වැඩසටහනකදී තීරණය කළා.
ඒ, ඇය ගැබ්ගෙන සිටිම හේතුවෙන්. එම වැඩසටහනේදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ, මෙම අවස්ථාව උදාවනතුරු තමන් නොඉවසිල්ලෙන් සිටි බවයි. තමන් මෙන්ම සෙත් ද මේ සම්බන්ධයෙන් දැඩි ලෙස සතුටට පත් වූ බව ද බෙකි ප්‍රකාශ කළා.
පසුගිය කාලය පුරාවට තමන් රැකියාව සම්බන්ධයෙන් දැඩි ලෙස අවදානයෙන් සිටි බවත්, එම නිසා දරුවෙකු සම්බන්ධයෙන් නොසිතු බවත් ඇය පවසනවා. කෙසේ වෙතත්, තමන් නිවැරදි අවස්ථාවක මෙම තීරණය ගෙන ඇති බවයි එම වැඩසටහනට එක්වෙමින්, බෙකි ලෙන්ච් වැඩිදුරටත් කියා සිටියේ. පසුගිය වසරේ අගෝස්තු මස, රෙස්ලින් ක්‍රීඩකයෙකු වන Seth Rollins සමග ඇය විවාහ වුණා.
මේ අතර මෙය කොතරම් අර්ථවත්දැයි තමන්ට වචනවලින් පැවසීමට නොහැකි බවත්, පසුගිය දින කිහිපය තුළ තම රසිකයින් දැක්වූ සහයෝගයට ස්තූතිය පළ කරන බවත්, බෙකිගේ ගැබ් ගැනීම සම්බන්ධයෙන් Seth Rollins ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියා.
ඒ සමගින් බෙකීගේ පින්තූරයක් ද එක් කිරීමටයි ඔහු කටයුතු කර තිබුණේ.
මෙම වසරේ දෙසැම්බර් මාසයේදී බෙකී මව් පදවියට පත්වීමට නියමිතයි.