රූපවාහිනියෙන් සිනමාවට එන ළමා නිළිය ‘Millie’
හොලිවුඩ් සිනමාව තුළ විශාල විශාල පෙරලියක් කරනු ලැබූ චිත්‍රපට මාලාවක් ලෙස Godzilla චිත්‍රපට මාලාව හැඳින්විය හැකිය. දීර්ඝ ඉතිහාසයක් ඇති චිත්‍රපට මාලාවක් ලෙස Godzilla චිත්‍රපට මාලාව හැඳින්විය හැකිය. ප්‍රධාන චිත්‍රපට ධාරාවේ නිෂ්පාදනය වූ චිත්‍රපට ප්‍රමාණය 32 අධික චිත්‍රපට සංඛ්‍යාවකි. 1954 වසරේදී ආරම්භ වූ මෙහි පළමු චිත්‍රපටය හොලිවුඩ් සිනමාවේ තාක්ෂණි පෙරළියට මූලික වූ චිත්‍රපටයක් ලෙස සැලකිය හැකිය. 1954 වසරේදී ආරම්භ වූ මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චිත්‍රපට ධාරාවට සාපේක්ෂව තවත් සිනමා කර්මාන්ත මෙම සත්ත්වයා මූලික කර ගනිමින් චිත්‍රපට නිෂ්පාදනය කිරීම ආරම්භ වුණි. මෙම චිත්‍රපට මාලාවට සාපේක්ෂව කොරියානු චිත්‍රපට සමාගම් මෙම Godzilla චිත්‍රපට නිෂ්පාදනය කිරීම ආරම්භ වූණි. මෙවැනි දීර්ඝ ඉතිහාසයක උරුමකම් කියන චිත්‍රපට මාලාවක් පිළිබඳ නැවත කතා කිරීමට හේතුව වී ඇත්තේ එහි නවතම චිත්‍රපටයක් මෙම වසරේ එළිදැක්වීමට නියමිතව ඇති හෙයිනි. Godzilla: King of the Monsters චිත්‍රපටයේ ප්‍රධාන වූ විශේෂ කාරණා කිහිපයක් තිබේ. 1954 නිෂ්පාදනය වූ චිත්‍රපටයේ සත්ත්වයාට වඩා විශාල ප්‍රමාණයක් විශාලව නිර්මාණය කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පලමු සත්වයාගේ උස ප්රමාණය් අඩි 153 කට වැඩි ප්‍රමාණයක් බවත්, 2019 චිත්‍රපටයේ නිර්මාණය කර ඇති සත්ත්වයා අඩි 309 ක ප්‍රමාණයක් විශාල බව සඳහන් වෙයි. ඒ කාරණා ඇතුළු මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට දායක වන ප්‍රධාන නිළිය පිළිබඳවත් කතා කල යුතුවෙයි.
ළමා නිළියෙකු වටා මෙහි ප්‍රධාන කතාමාලාව දිව යන අතර, එහි රංගනයෙන් දායක වන රංගන ශිල්පිනිය මේවනවිට 15 වැනි වියේ පසුවන්නෙකි. Millie Bobby Brown වන මෙම ළමා රංගනය ශිල්පිනිය 2004 වසරේදී උපත ලැබූ අයෙකි. එළිදැක්වීමට නියමිතව ඇති Godzilla: King of the Monsters චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පිවිසෙනු ලබයි. ඇය රංගනයෙන් ජනප්‍රියත්වයට පත්වූ පසුව ඇයට බොහෝ අයගේ ගෞරවාදරය ලැබුණි. ඇය ලාබාල වයස තුලදී ලෝකයේ අතීශය බලගතු පුද්ගලයන් 100 දෙනා අතරට පත්වීමට ඇයට හැකියාව ලැබී තිබේ. එමෙන්ම ඇයගේ යෞවනත්වය හේතුවෙන් සහ ඇයගේ මෙම පිළිගැනීම හේතුවෙන් ඇයට UNICEF Goodwill Ambassador වීමටද හැකියාව ලැබුණි. 2013 වසරේදී ඇය Once Upon a Time in Wonderland නම් රූපවාහිනි කතාමාලාව ඔස්සේ රංගනය ක්ෂේත්රය පිවිස තිබේ. ඉන්පසු ඇය 2014 වසරේදී Intruders රූපවාහිනි කතාමාලාව සහ NCIS කතාමාලාව සඳහාද ඇය රංගනයෙන් දායක විය. 2015 වසරේදී ඇය තවත් කතාමාලාවන් දෙකක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Modern Family කතාමාලාව සහ Grey's Anatomy කතාමාලාවයි. 2016 වසරේ සිට ඇය Stranger Things නම් රූපවාහිනි කතාමාලාවට රංගන දායකත්වය ලබා දුනි. එම කතාමාලාව මේවනවිටත් විකාශය වන කාතාමාලාවකි. එසේම ඇය 2016, 2017, 2018 වැනි වසර වල මියුසික් වීඩියෝ සඳහා රංගන දායකත්වය ලබා දුනි.
2019 වසරේදී ඇය සිනමාවට අවස්ථාව උදා වන්නේ Godzilla: King of the Monsters නම් චිත්‍රපටය ඔස්සේය. එමෙන්ම මෙම චිත්‍රපට ඔස්සේ නිර්මාණය වන Godzilla vs. Kong චිත්‍රපටයටද ඇය රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටය 2020 දී එළිදැක්වීමට නියමිතව තිබේ. රූපවාහිනි කතාමාලාවන් නිසා ඇය 2017 වසරේදී සම්මාන රැසක් හිමිකර ගැනීමට අවස්ථාව උදාවිය. 2017 වසරේදී ඇයගේ පළමු රූපවාහිනි සම්මානය වූයේ Screen Actors Guild Awards හිදි හිමිකර ගනු ලැබූ Outstanding Performance නම් සම්මානය ඇයට හිමිවිය. එසේම ඇයට තවත් සම්මාන බොහෝ ප්‍රමාණයක් හිමිවිය. 2017 වසරේදී Fangoria Chainsaw Awards හිදී Best TV Actress සම්මානයද, Saturn Awards හිදි Best Younger Actor in a Television Series සම්මානයද, MTV Movie & TV Awards හිදි Best Actor in a Show සම්මානයද, Gold Derby TV Awards හිදී Breakthrough Performer of the Year සම්මානයද, IGN People's Choice Award හිදී, Best Dramatic TV Performance සම්මානයද ඇය හිමිකර ගනු ලැබීය. 2018 වසරේදී Kids' Choice Awards හිදී, Favorite TV Actress සම්මානයද, MTV Movie & TV Awards හිදී, Best Performance in a Show සම්මානයද, Teen Choice Awards හිදී Choice Sci-Fi/Fantasy TV Actress සම්මානයද ඇය හිමිකර ගනු ලැබීය.
රූපවාහිනි මාධ්‍ය තුළ සම්මානලාභී නිළියක් වන ඇය මෙම පලමු චිත්‍රපටය ඔස්සේ තමන්ගේ පලමු සිනමා සම්මානය හිමි කර ගන්නා බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ. එයට හේතුව වන්නේ රූපවාහිනියේ දස්කම් පෑ ඇය සිනමාව තුලදීත් එම දස්කම් දක්වන හෙයිනි.
ඩිලාන් ක්‍රිෂාන්ත