රූපගත කිරිම් අස්සේ උපන්දිනය සමරයි
මිලාප් සවෙරි විසින් අධ්‍යක්ෂණය කරන ‘සත්‍යමේවා ජායති’ දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු හයිද්‍රබාද් නගරයේ සිදුවෙයි. මෙහි ප්‍රධාන චරිත සඳහා ජෝන් ඒබ්රිහිම් හා දිව්‍යා කෝසාල් කුමාර් රංගනයෙන් දායක වෙයි.
දිව්‍යා කෝසාල්ගේ 32 වැනි උපන්දිනය මිට දින කිහිපයකට පෙර පැවැති අතර, ඇයව පුදුම කිරිමේ උපන්දින සාදයක් මෙම රූපගත කිරිම් කටයුතු සිදුවන අතරතුරදී චිත්‍රපට කණ්ඩායම විසින් පවත්වා තිබුණි. එයට මුලීකත්වය ගෙන තිබුණේ ‘සත්‍යමේවා ජායති’ දෙවැනි චිත්‍රපටය නිෂ්පාදනය කරන දිව්‍යාගේ සැමියා බුෂන් කුමාර් බව සඳහන් වෙයි.