රූපගත කිරිම් අතරේ කංගනා අනතුරක
බොලිවුඩ් චිත්රපටයක් සඳහා ඉහළම මුදලක් අය කරන නිළිය ලෙස ප්රසිද්ධව සිටින කංගනා රනවුත් පසුගියදා සිය අලුත්ම චිත්රපටය වූ රූපගත කිරිම් අතරතුරදී අනතුරට ලක්ව තිබෙන බව සඳහන් වේ. ඉන්දියාවේ ප්රකට චරිතයක් වූ රාණි ලක්ෂ්මිබායිගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන කංගනාගේ මෙම අලුත්ම චිත්රපටය නම් කර ඇත්තේ Manikarnika: The Queen of Jhansi ලෙසය.
1857 වසරේ ඉන්දියාවේ සිදු වු සිදුවීමක් අලලා නිර්මාණය වන මෙම චිත්රපටයේ කංගනා සමගින් සුරේෂ් ඔබ්රෝයි, අන්කිතා ලොකන්ඩ්වාලා, අර්ජුන් බජ්වා රංගනයෙන් දායක වේ. ඉන්දියාවේ හයිද්ර්බාද්හි සිදු කළ රූපගත කිරිමක් අතරතුරදී මෙසේ කංගනා අනතුරට ලක්ව තිබෙන අතර, ඉන් ඇයගේ නායසය බිඳිගොස් ඇතැයි වාර්තා වේ.