රූපගත කර නොමැති චිත්‍රපටයකුත් ලබන වසරට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තවමත් රූපගත කිරිම් කටයුතු හෝ ආරම්භ කර නොමැති ආක්ෂේගේ චිත්‍රපටයක් ලබන වසරේ ‘දිවාලි’ දිනයේදී (නොවැම්බර් 05 වැනිදා) ප්‍රදර්ශනය කරන්නට දින නියම කර ඇත. ඒ ආනන්ද එල්. රායි විසින් අධ්‍යක්ෂණය කරන ‘රාක්ෂා බන්ධන්’ චිත්‍රපටයයි.

කෙසේ වෙතත්, ආක්ෂේ කුමාර් වැඩ අවසන් කළ චිත්‍රපට රාශියක් මේ වනවිට ප්‍රදර්ශනය කිරීමට පෙළගස්වා ඇති අතර, මේ වසරේ මාර්තු මාසයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබු ‘සූර්යවංශම්’ චිත්‍රපටය ඉන් මුල්තැන ගෙන තිබේ. එමෙන්ම මේ දිනවල ඔහු ‘බෙල් බොටම්’ හා ‘බච්චන් පාණ්ඩේ’ චිත්‍රපටවල රූපගත කිරිම් සඳහා දායකවද සිටියි.

20201008Akshey-1