රුසියාවෙන් පස්සේ කසකස්තානයට යන 'හිචිකි'
ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘හිචිකි’ චිත්‍රපටය මේ දිනවල කසකස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන බව සඳහන් වේ. පසුගියදා මෙම චිත්‍රපටය රුසියාවේද ප්‍රදර්ශනය කළ අතර, එහිදි සැළකිය හැකි මට්ටමේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමි විය.
රාණි ‘හිචිකි’ චිත්‍රපටයේ පෙනි සිටින්නේ සිවුවසරකට පසුව වීම විශේෂත්වයක් වන අතර, ඇයගේ සැමියා වූ ආදිත්‍ය චොප්රා මෙහි නිෂ්පාදන කොට තිබේ. ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලකින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය මේ වනවිට උපයා ගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 80ක මුදලක්ය.