රුකුල් සි ‘ඉන්දියන්’ දෙවැන්නට
බොලිවුඩ් සිනමාව තුළ නිතර දකින්නට ලැබෙන දකුණු ඉන්දීය සිනමා නිළියක් ලෙස රුකුල් ප්රිත් සිං හැඳින්විය හැකිය. ඇය මේ වනවිට කමල් හසන් අධ්යක්ෂණය කරන ‘ඉන්දියන්’ දෙවැනි චිත්රපටය සඳහා එක්වීමට කැමැත්ත පළ කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
මීට පෙර මෙම චිත්රපටයට නවක නිළියන් දෙදෙනෙකු යොදාගත් බවට තොරතුරු වාර්තා වුවද ඔවුන් ඉවත් කර රුකුල් සිං හා අයිශ්වර්යා මෙම චිත්රපටයේ ප්රධාන චරිත සඳහා තෝරා ගෙන ඇතැයි වාර්තා වේ. රුකුල් සිං, අජේ දේවගන් සමගින් මේ වසරේ ‘දේ දේ ප්යාර් දේ’ චිත්රපටයේ රංගනයෙන් දායක විය.