රී චක්‍රබෝර්ති නැවතත් උසාවියට
සුශාන්ත් සිං රාජ්පුත් ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඔහුගේ පෙම්වතිය රී චක්‍රබෝර්ති, ඇගේ පියා සහ සොහොයුරා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි කියැවෙයි. ඔහුගේ මරණය දිවි නසා ගැනීමක් නොව මිනී මැරුමක් බවට ඔහුගේ පියා චෝදනා කර තිබේ. එයට සෘජුවම සම්බන්ධ රි බව ද ඔහු කියන්නේය.
සුශාන්ත්ගේ මුදල් සියල්ලම රැගෙන ඇත්තේ රී විසින් බවත්, ඇය ඔහුට වංචා කළා පමණක් නොව ඔහුට තර්ජනය ද කර තිබේ. සුශාන්ත් සිය සොයුරියට මේ තොරතුරු කියා ඇත.
“සුශාන්ත් ගේ වෛද්‍ය වාර්තා ඔක්කොම මාධ්‍යවලට මුදා හැරලා එයා පිස්සෙක් කියලා ඔප්පු කරනවා කියලා රී තරවටු කළාලු.. ඒ වගේම එයාගෙ මැනේජර්ගෙ මරණෙට සුශාන්ත්ව පටලවන්න රීගෙ අදහසක් තිබිලා තියෙනවා.. එයාගෙ මරණෙට කලින් දවසෙ රී සුශාන්ත් ගෙ වෛද්‍ය වාර්තා ඔක්කොම අරගෙන ගිහින්..”
පියා එසේ කියනවා පමණක් නොව පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ද එම කරුණු පදනම් කර ගනිමිනි.
මේ වන විට සුශාන්ත්ගේ තට්ටු නිවාසයේ අනෙක් පදිංචිකරුවා මෙන්ම සුශාන්ත්ගේ මිතුරාත් වන සිද්ධාර්ත් පිතානිගෙන් මෙන්ම නිවසේ සේවකයන් වූ කේශව් සහ නීරාජ් සිංගෙන් ද පොලීසිය කට උත්තර ලබාගෙන තිබේ. නීරාජ් ගේ කට උත්තරය දැන් මාධ්‍යවලින් ප්‍රකාශයට පත් වී ඇත.
“රට ලොක් ඩවුන් කළාට පස්සෙ රී මැඩම් සුශාන්ත් සර් එක්ක පදිංචියට ආවා.. සමහර වෙලාවට රී මැඩම් එයාගෙ දෙමව්පියෝ බලන්න යනවා..
සමහර වෙලාවට එයාලා මෙහෙ එනවා.. උදේ ඇහැරුණාට පස්සෙ මැඩම්, සර් දෙන්නම කළු කෝපි බොනවා.. ඊට පස්සෙ ටෙරස් එකට ගිහින් ව්‍යායාම කරනවා.. දවල් කෑමෙන් පස්සෙ සමහර වෙලාවට ටෙරස් එකේම ඉඳගෙන සංගීතයක් අහනවා.. ඒ දෙන්නා එතනින් ගියාට පස්සෙ තමයි මම ටෙරස් එක පිරිසිදු කරන්න යන්නෙ.. කෑම උයන්නෙ කේශව්.. රෑට කෑමෙන් පස්සෙ සර් නිදා ගන්න යනවා.. එහෙම තමයි හැම දවසක්ම වගේ ගෙවුණෙ..”
සුශාන්ත්ගේ කාලය ගෙවෙන්නේ කෙසේදැයි පැනයට පිළිතුරු දෙමින් නීරාජ් පැවසුවේය. ජූනි අට වෙනිදා සුශාන්ත් සහ රී අතර ගැටුමක් ඇති වු බැව් නීරාජ් සඳහන් කළේය.
“එදා කේශව් හැමෝටම රෑ කෑම හැදුවා.. අපි කෑම බෙදන්න ලෑස්ති වෙලා ඉන්නකොට රී මැඩම් ඇවිත් මට කිව්වා එයාගෙ බෑග් එක ලෑස්ති කරන්න කියලා.. අල්මාරියක තිබ්බ ඇඳුම් ඔක්කොම පැක් කරන්න කිව්වා.. තවත් අල්මාරියක තිබුණ ඇඳුම් ගෙනියන්න එයා පස්සෙ එන්නම් කිව්වා.. එයා හිටියෙ හොඳටම තරහින්.. කෑමත් නොකා එයාගෙ සහෝදරයා ශෝවික් ගෙන්නාගෙන යන්න ගියා.. සර් කාමරෙන් එළියට ආවේවත් නෑ.. රී මැඩම් ගිහින් ටික වෙලාවකට පස්සෙ තමයි සර්ගෙ අක්කා මීතු සිං ආවෙත්..” ඔහු කීවේය.
සුශාන්ත් සමඟ ව්යායාමාගාරයට ගිය මිතුරෙකු සඳහන් කර ඇත්තේත් මේ මරණය කුමන්ත්රණයක ප්‍රතිඵල විය හැකි බවය.
චන්දි කොඩිකාර